Courses in Sinhalese

Courses in Sinhalese

Next Courses in Sinhalese will be in 2022 - join our Newsletter to stay in touch please.


Saraswathi Temple Healing Level One
Taught by Zoom in English by Elisabeth Jensen with translation into Sinhalese by Sahan Wisjesinghe in Sri Lanka

සරස්වතී ටෙම්පල් හීලින් පාඨමාලාව -පළමු අදියර
Zoom හරහා එලිසබෙත් ජැන්සන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කරන අතර එහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ සහන් විජේසිංහ විසින් සිදු කරනු ලැබේ.

මෙම ආධ්‍යාත්මික සුවපත් කිරීමේ  පාඨමාලාව එලිසබෙත් විසින් මුල් වරට 2019 දී ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන රටවල්හී දී ඉගැන්වූ අතර මෙය ඉතා ජනප්‍රිය ආධ්‍යාත්මික පාඨමාලාවක් බවට පත් විය.

මේ පාඨමාලාව ප්‍රධාන වශයෙන්  ශ්‍රී ලංකාවේ ජීවත් වන සිසුන් ප්‍රමුඛ කොට පැවැත්වෙන අතර ශ්‍රී ලාංකීය සිසුන්ට විශේෂ මිල අඩු කිරීමක්ද ලබා දෙනු ලැබේ. මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් එය එලිසබෙත් හට ඊමේල් එකක් හරහා දන්වන මෙන් ඉල්ලා සිටිමි.

හින්දු දෙවඟනන්ගෙන් සුවපත් කිරීමේ සහ දැනුමේ දෙවඟන වන සරස්වතී දෙවඟන,සුභවාසනාවේ දෙවඟන වන ලක්ෂ්මි දෙවඟන සමඟින් ගනේෂා සහ අනෙකුත් දෙවිවරුන් සමඟ සම්බන්ධ වීමෙන් යහපත් ආශිර්වාද අප ජීවිතයට ලබා ගැනීම මෙහිදී සිදු කරනු ලබයි. බොහෝ යහපත් ප්රතිපල ලබා දුන් මෙම සුවපත් කිරීමේ ක්‍රමයේදී සුවපත් වීම ලබන්නාව පුටුවක වාඩි කරවා භෞතිකව ස්පර්ශ කිරීම මඟින් හෝ විකල්පමය වශයෙන් දුරස්ථ සුවකිරීම්ද ලබා දිය හැකි අයුරින් සකස් කර තිබේ.

සරස්වතී දෙවඟනගේ සුවපත් කිරීමේ ශක්තිය ඔබ තුළට ලබා දීම (Initiation to Saraswathi Healing Energy), පාඨමාලා අත්පොත සහභාගී වීමේ සහතිකයද මෙයට ඇතුළත් වේ.
එමෙන්ම උසස් සරස්වතී සුවපත් කිරීමේ පාඨමාලාවක් සහ ලක්ෂ්මි ආශිර්වාද කාඩ්පත් කියවීමේ පාඨමාලාවන් 2022දී පැවැත්වේ. (An advanced Saraswathi level plus Lakshmi Blessings Card Readings )

මෙම පාඨමාලාවට දෙදෙනෙක්ගෙන් යුත් කණ්ඩායම් වශයෙන් සහභාගී වන විට විශේෂ මිල අඩු කිරීමක්ද ලබා දෙන අතර එවිට එම සුවපත් කිරීමේ ක්රමවේදය ප්රායෝගිකව පුහුණු වීමටද පහසුවේ.

Sorry booking closed now 🌷

LAKSHMI & SARASWATHI COURSES

ලක්ෂ්මී සහ සරස්වතී සුවපත් කිරීමේ (හීලින්) පාඨමාලාවන්

සරස්වතී ටෙම්පල් හීලින් පාඨමාලාව දැන් zoom හරහා උගන්වනු ලබයි.

ලක්ෂ්මී දෙවඟනගේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිතය සෞභාග්‍යමත් කරගන්න, සරස්වතී දෙවඟනගේ ආශිර්වාදයෙන් ඔබේ බුද්ධිය වර්ධනය කරගැනීමට හා ආධ්‍යාත්මිකව සුවපත් වීමට සහ තවත් බොහෝ හින්දු දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට මෙම පාඨමාලාවන් ඔබට මඟ පෙන්වයි.

උපතින් කතෝලික කාන්තාවක් වූ එලිසබෙත් ජැන්සන් මුල් වරට හින්දු දෙවිවරුන් සමඟ සම්බන්ධ වූයේ 1973දී ඇගේ මැලේසියානු හින්දු සැමියාගේ මව සමඟ ක්වාලා ලාම්පූර් හි සිදු කළ හින්දු කෝවිල් වන්දනාවන් වලදීය. තම ආධ්‍යාත්මික මාර්ගය හින්දු ධර්මය අනුව යන බව වටහාගත් ඇය පසුව හින්දු ධර්මය වැළඳ ගත්තාය.

මැලේසියාව, සිංගප්පූරුව, හොන්කොන්ග්, බාලි, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඊජිප්තුව, එංගලන්තය, ඇමරිකාව වැනි බොහෝ රටවල ගුප්ත වේදිනියක්, ආධ්‍යාත්මික සුවපත් කරන්නියක් හා ආධ්‍යාත්මික ගුරුවරියක් ලෙස කටයුතු කරන එලිසබෙත් ආසියාවේදී සහභාගී වූ හින්දු පූජා සහ වන්දනා ගමන් වලදී හින්දු දෙවිවරුන් සමඟ ඇති සම්බන්ධය ශක්තිමත් වූ අතර එම දෙවිවරුන්ගේ ශක්තීන් භාවිතා කර ආශිර්වාද ලබා ගැනීමේ බොහෝ රහස් හෙළිකරගන්නට ඇයට හැකි විය.

එලිසබෙත් සතුව ලක්ෂ්මි සහ සරස්වතී දෙවඟනන් සමඟ විශේෂයෙන්ම සමීප සබඳතාවයක් පවතී. අවුරුදු තුනක සිට ඇය ලක්ෂ්මි දෙවඟනගේ උපන්දිනය වෙනුවෙන් ප්‍රසිද්ධ ෆෙංෂුයි උපදේශක ආසිරි වනිගරත්න විසින් පවත්වනු ලැබූ විශාල පූජාවන් රැසකටම සහභාගී වෙමින් දෙවිවරුන් මාර්ගයෙන් ආධ්‍යාත්මික සන්නිවේදන ක්‍රමය හරහා පණිවිඩ ලබා දීම හා සහභාගී වූ සියලු දෙනාටම අමතක නොවන සාර්ථක සුවපත් වීමේ ආශිර්වාදයන් ලබා දෙන ලදී.

ඇගේ කැපවූ සොයාගැනීම්, අවබෝධයන් සහ හින්දු දෙවිවරු , දෙවඟනන් කෙරෙහි ඇති ගෞරවය ඇයව ලක්ෂ්මි දෙවඟනගේ අනාවැකි කාඩ්පත් කට්ටලය ලිවීමට හා සුවපත් කිරීමේ ක්‍රමවේදයන් නිර්මාණය කිරීමට උපකාරී විය.

ලක්ෂ්මි දෙවඟනගේ පූජාවන් සහ පාඨමාලා

ලක්ෂ්මි දෙවඟන ඇගේ බැතිමන්තුන්ට සහ අනුගාමිකයන්ට සමෘද්ධිය සහ සුභ වාසනාව ගෙන එන සුන්දර හින්දු දෙවඟනකි. එලිසබෙත් ජැන්සන් විසින් රොක්පූල් ප්‍රකාශන හරහා 2022 දී සුභ වාසනාව සඳහා හින්දු දෙවිවරුන්ගේ මඟපෙන්වීම් සහිත නවතම ලක්ෂ්මි කාඩ්පත් කට්ටලය ප්‍රකාශනය කරනු ඇත.

මේ වන විට එලිසබෙත් විසින් ලක්ෂ්මි දෙවඟනගේ පණිවිඩ සහ සමෘද්ධිය , සුභවාසනාව සඳහා ආධ්‍යාත්මික ආශිර්වාද සහ ඉගැන්වීම් සහිත කෙටි පූජාවන් කිහිපයක්ම සිදුකර ඇති අතර සහභාගි වූ සියලු දෙනාටම විශ්මිත ආශිර්වාදයන් ලැබී ඇත.

සමහර උළෙලවල් facebook හී Elisabeth Jensen Auset Temple Healing හරහා නොමිලයේම සිදුකර ඇත.

ලක්ෂ්මි දෙවඟනගේ ආශිර්වාද මාර්ගෝපදේශයන්

LAKSHMI BLESSINGS TEMPLE READINGS

දේවාලයක් යනු දෙවියන්ගේ හෝ දෙවඟනන්ගේ නිවහනයි. මෙහිදී අපි සිදුකරනු ලබන්නේ ලක්ෂ්මි දෙවඟන ඇතුලු අනෙකුත් දෙවිවරුන්ගේ උපදේශනයෙන් අනාවැකි කියවීමේ ක්‍රමය හරහා අපි වෙත ආධ්‍යාත්මික අනාවැකි ලබා ගැනීමයි.

මෙම අනාවැකි ක්‍රමය පුරුදු වීමෙන් පසු ඔබට දෙවිවරුන් සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබෙන අතර මෙම කාඩ්පත් සහ ඒ සමඟ ඇති විස්තර බොහෝ දුරට සාමාන්‍ය අනාවැකි කාඩ්පත් හා සමාන බව දැනිය හැකි නමුත් එය ඊට තරමක් එය සුවිශේෂී වන්නේ මෙහිදී ඔබට ඔබේ සුභ වාසනාවට සහ සමෘද්ධියට ඇති අවහිරතා හඳුනාගෙන ඒවා ඉවත් කරගෙන ඔබේ සුභ වාසනාව වර්ධනය කරගැනීමට හින්දු දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකි වීමයි.

ඉන්පසු ඔබට එහි අඩංගු මන්ත්‍ර හා පූජාවන් අනුගමනය කරමින් ලක්ෂ්මි දෙවඟන ඇතුලු අනෙකුත් දෙවිවරුන්ගේ ආශිර්වාදයන් ලබාගැනීමටත් , ඔබගේ මෙන්ම අන් අයගේ ජීවිත වල ප්‍රශ්න මඟ හරවා ගැනීමටත් , ඒවාට පිලියම් සොයා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.

ලක්ෂ්මි ආශිර්වාද කාඩ්පත් සඳහා එක් එක් දෙවියන්, දෙවඟනන් හරහා එලිසබෙත් විසින් ලබාගත් පණිවිඩ මඟින් ඔබගේ ප්‍රශ්න, ගැටලු සඳහා ඔබට ඉතා නිවැරදි තොරතුරු ලබාගත හැක.

සරස්වතී දෙවඟන

සරස්වතී දෙවඟන සුවපත් කිරීමේ, දැනුමේ, බුද්ධියේ සහ අධ්‍යාපනයේ හින්දු දෙවඟන වේ. 2019 ජනවාරි මසදී එලිසබෙත් මුල් වරට එක් දින සරස්වතී ටෙම්පල් හීලින් පාඨමාලාවන් ඇඩ්ලේඩ්හීදීත් , මාර්තු මස ශ්‍රී ලංකාවේදීත් ඉන් පසුව සිංගප්පූරුවේදී සහ මෙල්බර්න්හදී උගන්වන ලදී.

දැන් සරස්වතී ටෙම්පල් හීලින් පාඨමාලාව Zoom හරහා එක් දිනකදී ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන්ගෙන් ඉගෙනගත හැක.

ලක්ෂ්මි ආශිර්වාද දේවල කාඩ්පත් කියැවීම

LAKSHMI BLESSINGS TEMPLE READINGS

සුභවාසනාවේ සහ සමෘද්ධියේ දෙවඟන වන ලක්ෂ්මි දෙවඟනගේ බලගතු ආධ්‍යාත්මික දැනුමෙන් සහ රහස් වලින් ආශිර්වාදය ලබන්න. මෙහිදී ඔබට ලක්ෂ්මි කාඩ්පත් භාවිතා කර නිවැරදිව ආධ්‍යාත්මිකව නිවැරදි අනාවැකි ලබා දෙන ආකාරයත් , සුභ වාසනාව සඳහා හින්දු දෙවිවරුන්ගේ මඟ පෙන්වීම ලබාගන්නා ආකාරයත් උගන්වනු ලැබේ. මෙම දින 2ක පාඨමාලාවට එලිසබෙත් ජැන්සන් විසින් නිර්මිත ලක්ෂ්මි කාඩ්පත් කට්ටලයක් සහ පාඨමාලාව සම්පූර්ණ කිරීමේ සහතිකයක් අන්තර්ගතයි. ලක්ෂ්මි සුභ වාසනා ශක්තතීන් ඔබ තුළට ලබා දීම සහ තෙවැනි ඇස අවධි කරවීමද මෙහිදී සිදු කරයි . මෙම අනාවැකි කියවීම් ඔබට , පවුලේ අයට මෙන්ම රාජකාරිමය වශයෙන්ද ඉතා උපකාරී වනු ඇත.

ඔබ මේ දෙවිවරුන් 36 දෙනෙකුගේ ශක්තීන් සමඟ සමීප වීමෙන් අනතුරුව ඔබට ඔබේ ජීවිතයේ මඟපෙන්වීම් , සහයවීම් ලබාගත හැකි බොහෝ ක්‍රම සොයාගැනීමට හැකි වේවි. මෙම කාඩ්පත් ඔබේ ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන අතර දෙවිවරුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට භාවිතා කළ හැකි ක්‍රමද සපයනු ඇත.

මෙය ඉතා සාර්ථක ආධ්‍යාත්මික අනාවැකි ලබා දීම් සහ ඉගැන්වීම් සිදු කරන දක්ෂම ගුප්ත වේදිනිය ලෙස තෙවරක් සම්මාන ලැබූ එලිසබෙත් ජැන්සන් විසින් උගන්වනු ලබයි. එලිසබෙත් සතුව හින්දු සහ ඊජිප්තු දෙවිවරුන් සමඟ සමීප සබඳතාවයක් පවතී. ඇය විසින් ඉතා ජනප්‍රිය Isis Lotus Oracle Cards (දැන් මුද්‍රණයේ නොපවතී) ලියා ඇති අතර ඉතා ජනප්‍රිය Auset Egyptian Oracle, Ancient Egyptian Divination and Alchemy Cards හි කතුවරියද ඇයයි.

SARASWATHI TEMPLE HEALING

සරස්වතී දේවාල සුවපත් කිරීම්

සුභ වාසනාව සහ යහපත් සෞඛ්‍ය සඳහා ලක්ෂ්මි සහ සරස්වතී සමඟ ගනේෂ්ගේ පූජනීය ආශිර්වාදයන් සහ බලගතු ආධ්‍යාත්මික සුවපත්වීම් ලබාදීමේ රහසිගත දැනුම සහ බලයන් ලබාගන්න.

සරස්වතී හීලිං පාඨමාලාවේ පළමු අදියර( first level of Saraswathi Temple Healing) එක් දින පාඨමාලාවක් ලෙස Zoom හරහා සිදුකරනු ලබන අතර දෙවැනි අදියර (the second level) 2022 දී උගන්වන අතර නවතම දින 2ක ලක්ෂ්මි ආශිර්වාද කාඩ්පත් කියවීම් පාඨමාලාවටද මුලින් සහභාගි වී සිටිය යුතුය.

ලක්ෂ්මි ආශිර්වාද කාඩ්පත් කියැවීම් පාදක කරගෙන ඔබේ සේවාදායකයින් හට බලගතු සුවපත් කිරිම් හා ආධ්‍යාත්මික පවිත්‍ර වීම් ලබා දීමේ පුරාණ රහස් ඉගෙන ගන්න.

ඔබට, ඔබේ පවුලේ සැමට සහ ඔබේ සේවාදායකයින් හට මේ ආශිර්වාදයන් සහ සුවපත් වීම් ලබාදීම සඳහා හැකියාව ලබාගන්න.

එලිසබෙත් ජැන්සන් හිටපු ලියාපදිංචි හෙදියක් ,පවුල් සෞඛ්‍ය සේවිකාවක්, ප්‍රජා සෞඛ්‍ය හෙදියක් ලෙස සේවය කර ඇති අතර ඇය ලොව පුරා අවුරුදු 26ක් තිස්සේ බොහෝ හෙදියන්ට රෝහලේ භාවිතයට සුවපත් කිරීම් උගන්වා ඇත. ඇය ඇගේ හැකියාවන් භාවිතා කරමින් ඒවා විශ්ව විද්‍යාල මට්ටමෙන් පර්‍යේෂණ සිදුකර ඉතා ප්‍රතිඵලදායක බව සොයාගෙන ඇත.

එලිසබෙත් හට හින්දු දෙවිවරුන්ගේ බොහෝ රහස් හෙලි වී ඇති අතර මෙම පාඨමාලාවන් ඇගේ සොයාගැනීම් මත බිහි වූවකි.


COURSES & EVENTS FOR SRI LANKAN STUDENTS

ශ්‍රී ලාංකීය සිසුන් සඳහා පාඨමාලාවන්

එක්දින සරස්වතී හීලිං පාඨමාලව Zoom හරහා මැයි 2 වෙනිදා ඉංග්‍රීසි සහ සිංහල පරිවර්තනය සමඟ සිදු කෙරේ.

2021දී ශ්‍රී ලංකාවේදී ආසිරි වනිගරත්න මහතා සමඟ ඇති සියලුම උළෙලවල් සියල්ල වර්ථමාන රටේ තත්ත්වය අනුව අවලංගු කර ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.